Home දේශීය පුවත් කුඩුත් එක්ක ඇල්ලූ වෑන් රථයේ කෑලි ගැලවූ මත ්ද්‍රව්‍ය කාර්යාංශයේ පී.සීට වූ දේ

කුඩුත් එක්ක ඇල්ලූ වෑන් රථයේ කෑලි ගැලවූ මත ්ද්‍රව්‍ය කාර්යාංශයේ පී.සීට වූ දේ

0

මත්කුඩු සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගේ වෑන් රථයක සබ්වුපරය ගලවාගෙන එය තමාගේ පුද්ගලික පාවිච්චිය සඳහා යොදාගත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සේවයේ නිරත පොලිස් කොස්තාපල් වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පියවර ගෙන තිබේ.

මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පුත්තලම උප ඒකකයේ සේවයේ නිරත පොලිස් කොස්තාපල් වරයෙකි.

පසුගිය අගෝස්තු 16 වෙනිදා මෙම කොස්තාපල්වරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 120 එකක් සමග සැකකරුවන් දෙදෙනෙකු වෑන් රථයක් ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත. වෑන් රථය නඩු භාණ්ඩයක් ලෙස පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ඉදිරිපත් කිරීමට පෙර එහි සවිකර තිබූ සබ්වුපරය ගලවාගෙන ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ඉහළ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විමර්ශනයක් පවත්වා මෙම වැඩ තහනම ක්‍රියාත්මක කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here