අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ඇතුළු පොලීසියේ විශේෂ අංශ කිහිපයක ප්‍රධානීන් මෙම සතිය තුළ වෙනස් වීමට නියමිත බව පොලිස් මූලස්ථාන තොරතුරු සඳහන් කළේය.
කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂ ලෙස මේ වන විට සේවයේ නිරතව සිටින්නේ සහකාර පොලිස් අධිකාරීවරයෙකි. පොලිස් අධිකාරීධූරයක් වෙනුවෙන් වෙන්කර ඇති කොළඹ අපරාධ කොට්ඨාශයේ දීර්ඝ කාලයක් තිස්සේ වැඩ බලන පදනමින් සහකාර පොලිස් අධිකාරීවරයෙක් මෙතෙක් සේවයේ නිරතව සිටි බැවින් පොලිස් අධිකාරීවරයෙක් ඒ සඳහා පත් කිරීමටත් කොළඹ අපරාධ කොට්ඨාශයේ වෙනස්කම් රැසක් සිදුවීමට නියමිතව ඇති බවත් පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කරයි.
බස්නාහිර පළාතේ පොලිස් ප්‍රධානීන් කිහිප දෙනෙකුටද ස්ථාන මාරුවීම් ලැබීමට නියමිතව ඇති බවත් බොහෝ විට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා බස්නාහිර පළාත් ප්‍රධානියා ලෙස පත්කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.
මේ හැරුණු කොට බස්නාහිර පළාතේ නියෝජ්‍ය පොලිස්පතිවරු කිහිප දෙනෙකුට ස්ථාන මාරු ක්‍රීයාත්මක වීමට නියමිතය.