Home කාළගුණය කැළඹුණු කාලගුණෙන් දියේ ගිලී සිව් දෙනෙක් මරුට

කැළඹුණු කාලගුණෙන් දියේ ගිලී සිව් දෙනෙක් මරුට

0
කැළඹුණු කාලගුණෙන් දියේ ගිලී සිව් දෙනෙක් මරුට

අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඇල දෙලා සහ වැව් අමුණුවල දිය නෑමට ගොස් පුද්ගලයින් සිව් දෙනෙක් ඊයේ (04) දිනයේ පමණක් දියේ ගිලී මියගොස් ඇත.

මෙම අනතුරු වව්නියාව, කිරිඇල්ල, කටුපොත, පන්නල යන ප්‍රදේශවල සිදුව තිබේ.

වව්නියාවේදදී මියගොස් ඇත්තේ 16 හැවරදි සිසුවෙකි. වව්නියාවේ පිහිටි අර්සකුලම වැවේ දිය නෑමට ගොස් ඔහු දියේ ගිලී මියගොස් ඇත. කිරිඇල්ලේ මියගොස් ඇත්තේ 43 හැවරදි පුද්ගලයෙකි. කළුගග පිටාර ගැලීමෙන් පිරී තිබුණු ජලයේ වාහන ටියුබයක තවත් අයෙක් සමග නැගී විනෝද වෙමින් සිටියදී ඔහු දියට වැටී මියගොස් ඇති බව පොලීසිය කියයි. එම පුද්ගලයා කිරිඇල්ල කැටෙට්පොල පදංචිකරුවෙකි.

කටුපොතදී මියගොස් ඇත්තේ 20 හැවරදි තරුණයෙකි. කළුබුලු ඔයේ දිය නෑමට ගොස් සැඩපහරකට හසුවී ඔහු මියගොස් ඇත. එම තරුණයා මොරගහහේනේ පදිංචිකරුවෙකි.

පන්නලදී මියගොස් ඇත්තේ 28 හැවරදි තරුණයෙකි. පිංඔයේ දිය නෑමට ගොස් ඔහුද මියගොස් ඇත්තේ සැඩපහරකට හසුවී ගසාගෙන ගොස් දියේ ගිලීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here