Home දේශීය පුවත් කල්පිටිය උසාවියේ ආරක්ෂාවට සිටි පී.සී. පොහ ොර උස්සා මාට්ටු

කල්පිටිය උසාවියේ ආරක්ෂාවට සිටි පී.සී. පොහ ොර උස්සා මාට්ටු

0

කල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ තිබූ රසායනික පොහොර අඩංගු පැකට් 12ක් සොරකම්කර යතුරුපැදියකින් රැගෙන යාමට සූදානමින් සිටි කල්පිටිය පොලීසියේ සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගෙන ඇත.

වයස අවුරුදු 54ක් වන මෙම පොලිස් කොස්තාපල්වරයා අධිකරණයේ ආරක්ෂාවට යොදවා සිටි නිලධාරියෙක් බව කල්පිටිය පොලීසිය කියයි. ඊයේ දින උදෑසන 6.00 සිට සවස 6.00 දක්වා අධිකරණයේ ආරක්ෂාව භාරව සිට ඇත්තේ මෙම නිලධාරියාටය.

මෙම සොරකම සිදුව ඇත්තේ මෙදින සවස් කාලයේදීය. මෙම නිලධාරියා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. ඔහුගේ වැඩ තහනම් කිරීමට පුත්තලම පොලිස් අධිකාරීවරයා අද පියවර ගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here