Home දේශීය පුවත් හදබිමේ ලොක්කාගේ නිවසට හොරු පනී

හදබිමේ ලොක්කාගේ නිවසට හොරු පනී

0

හදබිම අධිකාරියේ සභාපති ඉසුර ධනංජය මහතා පදිංචිව සිටින වලස්මුල්ලේ පිහිටි නිවස හොරු බිඳ රුපියල් ලක්ෂ 06ක පමණ වූ මුදල් හා ලැප්ටොප් පරිගණකයක් සොරා ගැනීම සම්බන්ධයෙන් වලස්මුල්ල පොලීසිය විමර්ශනයක් ආරම්භකර ඇත.

මෙම සොරකම පසුගිය 25 වෙනිදා සවස 3.30ත් 26 වෙනිදා අළුයම 2.00ක් අතර කාලය තුළ සිදුව ඇති බව පොලීසිය කියයි.

නිවසේ ජනේලයක් බිඳ නිවසට ඇතුළුවී මෙම සොරකම සිදුකර ඇති බවත් මුදල් පමණක් රුපියල් ලක්ෂ 4ක් සොරාගෙන ගොස් ඇති බවත් පොලීසිය කියයි.

මෙම සොරකම සම්බන්ධයෙන් සැකපිට අද (27) සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ. වයස අවුරුදු 19ක් වන ඔහු වලස්මුල්ල විජේසිරිපුර පදිංචිකරුවෙකි. ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත සොරාගත් මුදල්වලින් කොටසක් සොයාගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here