Home දේශීය පුවත් කවුඩුල්ල වැව් සොරොව්වේ පතොරම් මල්ලක්

කවුඩුල්ල වැව් සොරොව්වේ පතොරම් මල්ලක්

0

කවුඩුල්ල වැවේ ජලය නිකුත් කරනු ලබන සොරොව්වේ තිබී ටී 56 අවි වලට භාවිතා කරන ජීව උණ්ඩ 139ක් සහිත පාර්සලයක් හමුවී ඇත.

මෙම ජීව උණ්ඩ පාර්සලය හමුවී ඇත්තේ උදාරගම ප්‍රදේශයේ ඇති සොරොව්වේ තිබී බව මැදිරිගිරිය පොලීසිය කියයි.

මෙම පතොරම් පාර්සලය දුටු ගම්වැසියෙක් ඒ බව ඊයේ (27) මැදිරිගිරිය පොලීසියට කළ පැමිණිල්ලකට අනුව පොලීසිය එහි ගොස් පතොරම් තොගය සියභාරයට ගෙන ඇත.

මෙම පතොරම් මෙහි ගෙනවිත් දමා ඇත්තේ කවුරුන්දැයි සොයා විමර්ශන පැවැත්වෙන බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here