Home උණුසුම් පුවත් නව අගමැතිනිය හරිනි දිවුරුම් දෙයි

නව අගමැතිනිය හරිනි දිවුරුම් දෙයි

0
නව අගමැතිනිය හරිනි දිවුරුම් දෙයි

නව අග්‍රාමාත්‍යවරිය වශයෙන් ආර්ථික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය මීට සුළු මොහොතකට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය.

නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය පත් කිරීමේ ආරම්භය සනිටුහන් කරමින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (24) මෙම දිවුරුම් දීම සිදුවිය.

ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත් තෙවැනි කාන්තාවයි. මෙයට පෙර ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියත්, මෙරට දෙවැනි අග්‍රාමාත්‍යවරිය ලෙස චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියත් අග්‍රාමාත්‍ය ධුරය හොබවා තිබේ.

අග්‍රාමාත්‍ය ධුරයට පත් හරිනි අමරසූරිය මෙනවියට අධ්‍යාපන, සෞඛ්‍ය, කම්කරු, කර්මාන්ත විද්‍යා හා තාක්ෂණ සහ ආයෝජන අමාත්‍ය විෂය පවරා තිබීම ද විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here