Home උණුසුම් පුවත් එන මහඡන්දේ අගමැති පුටුවට සජිත් තරගයට

එන මහඡන්දේ අගමැති පුටුවට සජිත් තරගයට

එන මහඡන්දේ අගමැති පුටුවට සජිත් තරගයට

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයෙන් අග්‍රාමාත්‍ය ධුරය සඳහා තමන් තරගවදින බව එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

සමගි ජන බලවේග පක්ෂ කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේ ය.

විපක්ෂනායක ධුරය දරණ සජිත් ප්‍රේමදාස එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී අග්‍රාමාත්‍ය ධුර අපේක්ෂකයා බවට පත්කිරීම සඳහා වන යෝජනාවක් අද පැවැති එම පක්ෂයේ විශේෂ සාකච්ඡාවක දී ඒකමතිකව සම්මත වී තිබුණි.

මේ අතර එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සමග කිසිදු සන්ධානගත වීමක් සිදුනොවන බව ඔහු ප්‍රකාශ කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here