Home උණුසුම් පුවත් පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන අලුත් විමර්ශනයක්!

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන අලුත් විමර්ශනයක්!

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන අලුත් විමර්ශනයක්!

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයේ සත්‍ය හෙළිදරව් කිරීම සඳහා නව විමර්ශනයක් හරහා හැකි උපරිමයෙන් කටයුතු කරන බව නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහතික විය.

කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් මාධ්‍යවේදීන් අමතමින් කියාසිටියේ ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව සඳුදා තමන් හමුවූ අවස්ථාවේදී නව ජනාධිපතිවරයා මෙලෙස සහතික වූ බවයි.

“පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ ඇත්ත නැත්ත සෙවීමට හැකි උපරිමයෙන් කටයුතු කරන බව නව ජනාධිපතිවරයා අප සමග පැවසුවා. විශාල වෙනසක් ඇති කිරීමට ජනතාව ජාතික ජනබලවේගයට ඡන්දය දී තිබෙනවා. මෙය දුෂ්කර කාර්යයක්. අපි එතුමාට පූර්ණ සහයෝගය ලබාදෙන අතර ජනතාවට අවශ්‍ය මෙම වෙනස ඇති කිරීමට නව ජනාධිපතිවරයාට සහ එතුමාගේ පාලනයට අපගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා.” යනුවෙන් කාදිනල් හිමියෝ පැවසූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here