ජාතික ජන බලවේගයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් හිස්වන පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය සඳහා ජවිපෙ හිටපු මන්ත්‍රීවරයකු වන ලක්ෂ්මන් නිපුණාරච්චි මහතා පත්කර ඇත.
අනුර කුමාර දිසානායක මහතාගෙන් එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබා සිටියේ ලක්ෂ්මන් නිපුණාරච්චි මහතාය.
එතුමාගේ පත්කිරීමට අදාළ නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (23) නිකුත් කෙරිණි. හෙතම ලබන 08 වැනිදා සිය මන්ත්‍රී දුරයේ දිවුරුම් දීමට නියමිතව තිබේ.