Home දේශීය පුවත් උණුසුම් පුවත් “දෙවැනි මනාපයෙන් වෙනසක් වෙන්නෑ -ලක්ෂ 13කින් අනුර දිනුම්”

“දෙවැනි මනාපයෙන් වෙනසක් වෙන්නෑ -ලක්ෂ 13කින් අනුර දිනුම්”

“දෙවැනි මනාපයෙන් වෙනසක් වෙන්නෑ -ලක්ෂ 13කින් අනුර දිනුම්”

මෙරට ප්‍රථම වතාවට ජනාධිපතිවරණයකදී දෙවන මනාප ගණන් කිරීම මේ වනවිට සිදුවෙමින් පවතින අතර, දැනට ඉදිරියෙන්ම සිටින ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායක මහතා‍ දැනටමත් ජයග්‍රහණය කර ඇති බවත් අවසන් ඡන්ද ප්‍රතිඵලයේදී එහි වෙනසක් නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඔහු කියාසිටියේ අනුර කුමාර ඡන්ද ලක්ෂ 13කින් ඉදිරියෙන් සිටින බවයි.

එම ප්‍රකාශය පහතින්.

මේ අතර අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැතවෙන චාම් උත්සවයකදී දිවුරුම් දීමට සැලසුම් කර ඇති බවත් ඉන්පසුව තාවකාලිකව ජනාධිපති ලේකම්වරයෙක් සහ අමාත්‍යාංශ ලේකම්වරු 15ක් පත් කරන බවත් ජාතික ජනබලවේගයේ සමන්ත විද්‍යාරත්න මහතා පවසා තිබේ.

දෙවැනි මනාප ගණනය තවමත් සිදුවමෙින් පවතින අතර සමස්ත ප්‍රතිඵලය නිකුත් කිරීම පැය කිහිපයක් තුළ අවසන් වවනු ඇති බවට ජාතික ජනබලවේගය විශ්වාස කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here