Home උණුසුම් පුවත් ජනපතිවරණය සාමකාමීයි -නීති කැඩූ සිද්ධීන් 600 පනී

ජනපතිවරණය සාමකාමීයි -නීති කැඩූ සිද්ධීන් 600 පනී

0
ජනපතිවරණය සාමකාමීයි -නීති කැඩූ සිද්ධීන් 600 පනී
TOPSHOT - Police and electoral officials collect ballot papers and boxes from a distribution centre for their respective polling stations on the eve of the presidential election, in the southern town of Hambantota some 256 kms from Colombo on November 15, 2019. / AFP / ISHARA S. KODIKARA

2024 ශ්‍රී ලංකා ජනාධිපතිවරණයට අදාළව අද පැවති ඡන්ද විමසීමේ කාලසීමාව ආරම්භයේ සිට අද ප.ව 3.00 වන විට මැතිවරණ උල්ලංඝනය කිරීම් පිළිබඳ පැමිණිලි 604ක් ලැබුණු බව ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ කොමිසම විසින් එම සෑම පැමිණිල්ලක්ම හොඳින් සමාලෝචනය කරන බව කියයි.

එමෙන්ම උදෑසන ඡන්දය ආරම්භ වූ මොහොතේ සිට අවසානය දක්වා සාමකාමී තත්ත්වයක් රට පුරා පැවැති බව පොලිස් මැතිවරණ අංශයභාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා newswave.lk වෙත සඳහන් කළේය.

හොර ඡන්ද දැමීමට තැත්කිරීමේ එක් සිදුවීමක් ඡන්ද පත්‍රිකාව ඡායාරූපගත කිරීමේ සිදුවීම් දෙකක් ඡන්දය පැවති කාලය තුළ වාර්තා වූ බවද අසංක කරවිට මහතා සඳහන් කළේය.

සමස්තයක් වශයෙන් ගත් කළ මෙවර ජනාධිපතිවරණය සාමකාමීව පැවැති බව ද අසංක කරවිට මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here