Home දේශීය පුවත් රැකියාවකට යන්න පොලිස් වාර්තාවක් දෙන්න රු පියල් 5,000ක අල්ලසක් ගත් පොතුහැර සැරයන්ට වූ දේ

රැකියාවකට යන්න පොලිස් වාර්තාවක් දෙන්න රු පියල් 5,000ක අල්ලසක් ගත් පොතුහැර සැරයන්ට වූ දේ

0

පොලිස් නිෂ්කාශන වාර්තාවක් ලබාදීමට රුපියල් 5000ක අල්ලස් මුදලක් ලබාගත් පොතුහැර පොලීසියේ සැරයන්වරයකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබේ.

රැකියාවකට යාම සඳහා පොලිස් නිෂ්කාශන වාර්තාවක් ඉල්ලුම් කළ පොතුහැර පදිංචි පුද්ගලයකුට එම නිෂ්කාශන වාර්තාව ලබාදීම ප්‍රමාදකරමින් මෙම පොලිස් සැරයන්වරයා මෙම අල්ලස් මුදල ඉල්ලා ඇත්තේ කඩිනමින් එය ලබාදීමට බව පවසමිනි.

මේ ගැන එම පුද්ගලයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට කල පැමිණිල්ලකට අනුව සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ අල්ලස් මුදල ලබාගන්නා අවස්ථාවේදීමය.

දේශීය වශයෙන් රැකියා සඳහා ඉල්ලුම්කරන පොලිස් නිෂ්කාෂන වාර්තා දින 02ක් ඇතුලත නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසත් එසේ නොකරන පොලිස් නිලධාරීන් සම්බධයෙන් දැඩිව පියවර ගන්නා බවත් සඳහන් කරමින් සී.ඩී. වික්‍රමරත්න මහතා පොලිස්පතිවරයා ලෙස කටයුතුකරන වකවානුවේදී නියෝගයක්ද නිකුත්කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here