Home දේශීය පුවත් අනියම් බිරියගේ 09 හැවිරිදි දියණිය පැහැරගෙ න කප්පම් ගන්න හැදූ අනියම් සැමියා කොටු

අනියම් බිරියගේ 09 හැවිරිදි දියණිය පැහැරගෙ න කප්පම් ගන්න හැදූ අනියම් සැමියා කොටු

0

විදේශගතව සිටින සිය අනියම් බිරිඳගෙන් මුදල් ලබා ගැනීමේ අපේක්ෂාවන් ඇගේ 09 හැවිරිදි දියණිය පැහැරගෙන ගොස් වීඩියෝ ඇමතුමක් ඔස්සේ දැරිය පෙන්වමින් මුදල් ඉල්ලා තර්ජනය කළ අනියම් සැමියෙකු මාවනැල්ල පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිදුවීම ඊයේ (19) උදෑසන කාලයේ සිදුව ඇත්තේ දැරිවිය සිය නැන්දා සමඟ පාසල් යමින් සිටියදීය.

ත්‍රීරෝද රථයකින් පැමිණි සමිල කුමාර නොතේ සඳුන් නැමැති දැරිවියගේ මවගේ අනියම් සැමියා නැන්දාව තල්ලුකර දැරිවියව බලහත්කාරයෙන් ත්‍රීරෝද රථයේ නන්වාගෙන පළාගොස් තිබේ.

මේ සම්බන්ධයෙන් මාවනැල්ල පොලීසියට ලද පැමිණිල්ලකට අනුව වහාම ක්‍රියාත්මක වී සැකකරු අත්අඩංගුවට ගෙන දැරිවිය බේරාගැනීමට සමත්වූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙම දැරිවියගේ මවු පියන් දික්කසාද වී සිටින බවත් දැරිවියගේ මවගේ අනියම් පුරුෂයා සහ මව අතර ඇතිවුණු ආරවුලක් මුල්කරගෙන මෙම පැහැරගැනීම සිදුව ඇති බව පෙනී යන බවත් එම උසස් පොලිස් නිලධාරියා පැවසීය.

අත්අඩංගුවටගත් සැකකරු මාවනැල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here