Home දේශීය පුවත් නීති විරෝධි වත්කම් ගැන හොයන IP වැල්ලවායේ දී 50,000ක් අරන් සැකකරුවෙක් මුදා හැරල

නීති විරෝධි වත්කම් ගැන හොයන IP වැල්ලවායේ දී 50,000ක් අරන් සැකකරුවෙක් මුදා හැරල

0

වැල්ලවාය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස සේවයේ නිරතව සිටියදී අත්අඩංගුවටගත් සැකකරුවෙක් පොලිස් භාරයෙන් මුදා හැරීමට රුපියල් 50,000ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විරෝධි වත්කම් කොට්ඨාශයේ මේ වන විට සේවයේ නිරතව සිටින පොලිස් පරීක්ෂකවරයකුට කොළඹ මහාධිකරණයේ දී ඊයේ (18) අධිවෝදනා පත්‍ර භාරදී තිබේ.

පොලිස් පරීක්ෂක කේ.එස්. රොෂාන් නැමැති මෙම නිලධාරියා රුපියල් 50,000ක මුදලක් අල්ලස් වශයෙන් ඇයදීම හා භාරගැනීම සම්බන්ධයෙන් අල්ලස් පනතට අනුව අධිචෝදනා 04ක් සඳහා චෝදනා පත්‍ර භාරදී ඇත.

2016 වසරේ අගොස්තු 01 වෙනිදාත් 2016 සැත්තැම්බර් 30 වෙනිදාත් අතර කාලය තුළදී අපරාධයක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන සිටි සැකකරුවකු පොලිස් භාරයෙන් නිදහස් කිරීමට මෙම අල්ලස් මුදල ලබාගෙන ඇති බවට චෝදනා එල්ලවී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here