Home උණුසුම් පුවත් මිදිගම මාළු ව්‍යාපාරිකයෙකුටත් වෙඩි තබලා

මිදිගම මාළු ව්‍යාපාරිකයෙකුටත් වෙඩි තබලා

0
මිදිගම මාළු ව්‍යාපාරිකයෙකුටත් වෙඩි තබලා

මිදිගම ගොවියාපාන ප්‍රදේශයේ පිහිටි මාළු වෙළඳ සැලක හිමිකරුවකු ඉලක්කරගෙන යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් කළ වෙඩි තැබීමකින් එම මාළු වෙළඳ සැලේ හිමිකරු මියගොස් මාළු මිලදී ගැනීමට පැමිණි දෙදෙනෙක් තුවාල ලබා ඇත.

මෙම වෙඩි තැබී අද (19) උදෑසන සිදුව ඇති අතර මියගොස් ඇත්තේ අවුරුදු 38ක් වයසැති අයෙකි.

මෙම වෙඩි තැබීම ඩුබායි හී රැදී සිටින පාතාල අපරාධකරුවෙක් වන මිදිගම චූටි නැමැත්තාගේ මෙහෙයැවීමෙන් සිදුව ඇති බවට පොලීසිය සැකකරයි.

හරක් කටා නැමැති පාතාලයේ ප්‍රබලයා මැඩගස්කර පොලිස් අත්අඩංගුවට පත්ව මෙරටට රැගෙන ඒමෙන් අනතුරුව හරක් කටාගේ කල්ලිය දෙකට වී ඇති බවත් එම දෙපාර්ශවය අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට සැකකරන බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here