ස්වාධීන පර්යේෂණ සහ උපදේශන සංවිධානයක් වන පාත්ෆයින්ඩර් පදනම සම්පාදනය කරන ලද ශ්‍රී ලංකාවේ සංවර්ධන වේගය නංවන සහ අනාගත පැවැත්ම සඳහා නිර්දේශ ඇතුලත් ප්‍රකාශන දෙකක් නිකුත් කර, එහි පිටපත් ජනාධිපති අපේක්ෂකයින් වෙත භාර දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජාතික සමගි බල පෙරමුණ නායක සජිත් ප්‍රේමදාස, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන නාමල් රාජපක්ෂ, ජාතික ජන බලවේගය මහ ලේකම් ආචාර්ය නිහාල් අබේසිංහ සහ සර්වජන බලය අපේක්ෂක දිලිත් ජයවීර යන මහත්වරුන්ට මෙම ප්‍රකාශන පිරිනමන ලද අවස්ථා මෙහි දැක්වේ.
මෙම වාර්තා මගින් ඉදිරි රාජ්‍ය පරිපාලනයට ලබා ගත හැකි ප්‍රතිපත්තිමය තේරීම් ස`දහා මගපෙන්වීමක් ලබා දෙන අතර, ශ්‍රී ලංකාවේ ආර්ථීක තත්ත්වය ඉක්මන් ප්‍රකෘතියක් වෙනුවෙන් හා දිගුකාලීන ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය ඒකාබද්ධ කරන ඉදිරි මාවතක් සහතික කරනු වැඩ පිලිවෙලක් වෙනුවෙන් කරුණු මෙහි අඩංගු කර තිබේ.
පක්ෂග්‍රාහී නොවන ප්‍රවේශය සඳහා ප්‍රසිද්ධියට පත් පාත්ෆයින්ඩර් පදනම, තීරනාත්මක ජාතික සහ කලාපීය ගැටළු පිළිබඳ ප්‍රතිපත්ති ප්‍රකාශන නිකුත් කරන අතර ජාතික මැතිවරණ වලදී අපේක්ෂකයින්ට නිර්දේශ ලබා දීමේ සම්ප්‍රදායට අනුකූලව, නිකුත් කළ මෙම වාර්තා ශ්‍රී ලංකාව මුහුණ දෙන දැවෙන අභියෝග සෘජුව ආමන්ත්‍රණය කරයි.
‘ශ්‍රී ලංකාවේ ආර්ථීක අර්බුදය, නව රජයට ප්‍රතිපත්තිමය අභියෝග’ යන මැයෙන් පළ වූ පළමු වාර්තාව මෙරට ආර්ථීකයේ අභ්‍යන්තරය පුළුල් ලෙස විශ්ලේෂණය කර තිබේ. දේශීය විශේෂඥයින් සමඟ සාකච්ඡා කර සම්පාදනය කරන ද මෙම වාර්තාව ප්‍රධාන කොටස් තුනකට ව්‍යුහගත කර ඇත. ‘ඉන්දු ශ්‍රී ලංකා සබඳතා වැඩි දියුණු කිරීම සඳහා අනුගමනය කළ හැකි පියවර’ දෙවැනි ප්‍රකාශනයට ඇතුලත්ය. මේවා සිංහල දෙමල සහ ඉංග්‍රීසි භාෂාවලින් ඇති අතර අවශ්‍ය අයකුට පාත්ෆයින්ඩර් පදනම වෙබ් අඩවියෙන් කියැවිය හැකිය.
පාත්ෆයින්ඩර් පදනමේ සභාපති, බර්නාඩ් ගුණතිලක විධායක අධ්‍යක්ෂ, ආචාර්ය දයාරත්න සිල්වා, ඉංජිනේරු. පාත්ෂයින්ඩර් නියොජනය කරන ආර්. ඩබ්. ආර්. පේමසිරි, වැඩසටහන් විධායක රුමේකා පෙරේරා සහ පරියේෂණ සහකාර රසාංගි කුමාරිහාමි යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවලට සහභාගී වූහ.






