Home උණුසුම් පුවත් අලුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දිවුරුම් දෙයි

අලුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දිවුරුම් දෙයි

අලුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දිවුරුම් දෙයි

නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කරුණාරත්න පරණවිතාන මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (03) දිවුරුම් දී තිබේ.

කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඉදිරියේදී මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තැබීය.

සමගි ජන බලවේගය නියෝජනය කරමින් රත්නපුර දිස්ත්‍රික්කයේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක  ලෙස කටයුතු කළ තලතා අතුකෝරළ මහත්මිය සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමග ඇති වූ පුරප්පාඩුව සඳහා කරුණාරත්න පරණවිතාන මහතා මෙලෙස පත්කරනු ලැබීය.

කරුණාරත්න පරණවිතාන මහතා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අටවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළේය.

ඒ මහතා එම කාලසීමාව තුළ ජනමාධ්‍ය සහ පර්ලිමෙන්තු කටයුතු, නිපුනතා සංවර්ධන සහ වෘත්තිය පුහුණු, පළාත් පාලන යන අමාත්‍යාංශයවල නියෝජ්‍ය අමාත්‍යවරයකු සේවය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here