Home උණුසුම් පුවත් මාලිමාවට ටෙලිෆෝන් ප්‍රහාරයක්

මාලිමාවට ටෙලිෆෝන් ප්‍රහාරයක්

0
මාලිමාවට ටෙලිෆෝන් ප්‍රහාරයක්

ජාතික ජන බලවේගය පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයකුට කඩුවකින් පහරදුන් සමගි ජන බලවේග පක්ෂයේ මතදාරියකු අත්අඩංගුවටගත් බව මිනුවන්ගොඩ පොලීසිය කියයි.

මෙම පහරදීම සිදුව ඇත්තේ පසුගිය 24 වෙනිදා රාත්‍රී කාලයේදීය.

ජාතික ජනබලවේගය පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් වන එල්.ආර්. ගලප්පත්ති මෙසේ පහරකෑමට ලක්ව ඇති බවත් ඔහු මිනුවන්ගොඩ රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබා ඇති බවත් පොලීසිය කියයි.

මෙම පහරදීමට සම්බන්ධ සමගි ජන බලවේගය පක්ෂයේ මත දරණ කැලුම්සිරි නැමැති අය අත්අඩංගුවට ගෙන මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කළ බවත් ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය විසින් නියෝග කළ බවත් පොලීසිය කියයි.

ජාතික ජන බලවේගය පක්ෂයේ ක්‍රියාකාරිකයාගේ මිනුවන්ගොඩ පිහිටි නිවස අසලට පැමිණ එම පක්ෂයට උදව් නොකරන ලෙස පවසමින් බැන වැදී මුලින්ම නිවසේ තිබුණු මල්පෝච්චි පොලවේ ගසා ඇති බවත් පසුව කඩුවක් ගෙන එයින් කොටා ඇති බවත් පොලීසිය කියයි. කඩු ප්‍රහාරයෙන් ජාතික ජන බලවේගය පක්ෂයේ ක්‍රියාකාරිකයාගේ අතක් තුවාල වී ඇති බවද පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here