Home උණුසුම් පුවත් ළමා නිවාස දෙකකින් දරුවෝ 7ක් අතුරුදන්

ළමා නිවාස දෙකකින් දරුවෝ 7ක් අතුරුදන්

0
ළමා නිවාස දෙකකින් දරුවෝ 7ක් අතුරුදන්

වැල්ලවාය සහ මාතලේ පිහිටි ළමා නිවාස දෙකක රදවා සිටි දරුවන් 07 දෙනෙක් අතුරුන්ව ඇති බවට එම ළමා නිවාස දෙකෙහි පාලකයින් පොලීසියට පැමිණිලි කර ඇත.

වැල්ලවාය ඇල්ල පාරේ පිහිටි ළමා නිවාසයෙන් අතුරුදන්ව ඇත්තේ පිරිමි දරුවන් 04 දෙනෙකි. වයස අවුරුදු 16,14,15 යන වයස්වල පසුවන දරුවන් සිව් දෙනෙක් මෙසේ අතුරුදන්ව ඇත.

මෙම දරුවන් බිබිල, කතරගම, හපුතලේ සහ බුත්තල යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

මෙම දරුවන් ඊයේ 21 ළමා නිවාසයෙන් අතුරුදන්ව ඇති බව පොලීසියට ලද පැමිණිල්ලෙහි සඳහන් වේ.

මාතලේ කොහොඹිලිවල පිහිටි ළමා නිවාසයක රදවා සිටි දැරිවියන් තිදෙනෙක් ද 20 වෙනිදා සිට අතුරුදන්ව ඇති බවට පැමිණිල්ලක් පොලීසියට ලැබී ඇත.

මෙසේ අතුරුදන්ව ඇත්තේ හතරලියද්ද, හත්තොට අමුණ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන වයස අවුරුදු 14 හා 17 යන වයස්වල පසුවන දැරිවියන් තිදෙනෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here