Home උණුසුම් පුවත් තැපැල් ඡන්දයට ලක්ෂ 7ක්

තැපැල් ඡන්දයට ලක්ෂ 7ක්

තැපැල් ඡන්දයට ලක්ෂ 7ක්

ජනාධිපතිවරණයේදී තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට ඡන්ද දායකයින් ලක්ෂ 7 කට අධික පිරිසක් සුදුසුකම් ලබා තිබේ.

මැතිවරණ කොමිසම පැවසුවේ ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් ඒ අතර වන බවයි.

මෙම පිරිස පසුගිය ජනාධිපතිවරණය හා මහ මැතිවරණයේ දී තැපැල් ඡන්ද සලකුණු කිරීමට සුදුසුකම් ලැබූ පිරිස ඉක්මවා යාමකි.

එළැඹෙන ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශයට පත් කිරීමට දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල සහ පොලීසිය සඳහා සැප්තැම්බර් 4 වැනිදා දින නියම කර තිබේ.

සෙසු රාජ්‍ය සේවකයින් සඳහා සැප්තැම්බර් මස 5 හා 6 යන දින දෙක තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට වෙන් කර ඇති බව මැතිවරණ කොමිසම පැවසුවේ ය.

එම දිනවල තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයින්ට සැප්තැම්බර් 11 සහ 12 දෙදින ද තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන් කර ඇති බව මැතිවරණ කොමිසම නිවේදනය කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here