Home උණුසුම් පුවත් මනාපෙ ගන්න හිතුමනාපෙට සල්ලි විසිකරන්න බෑ -උපරිම රු.කෝටි 186යි

මනාපෙ ගන්න හිතුමනාපෙට සල්ලි විසිකරන්න බෑ -උපරිම රු.කෝටි 186යි

මනාපෙ ගන්න හිතුමනාපෙට සල්ලි විසිකරන්න බෑ -උපරිම රු.කෝටි 186යි

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් එක් අපේක්ෂකයකු විසින් ලියාපදිංචි එක් ඡන්ද හිමියෙකු වෙනුවෙන් රුපියල් 109.00 කට නොවැඩි මුදලක් බැගින් සිය මැතිවරණ ප්‍රචාරක වියදම් ලෙස වැය කළ හැකි බව මැතිවරණ කොම්සම පවසයි.

මැතිවරණ වියදම් නියාමනයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව එක් අපේක්ෂකයකුට වියදම් කළ හැකි උපරිම වියදම් සීමාව රුපියල් 1,868,298,586.00 (එකසිය අසූ හය කෝටි අසූ දෙලක්ෂ අනූ අට දහස් පන්සිය අසූ හයක්) වේ.

මෙම ඡන්ද විමසීම සඳහා තරග කරන අපේක්ෂකයෙකුට එකී මුදලින් 60% ක් හෙවත් රුපියල් 1,120,979,151.60 (රුපියල් එකසිය දොළොස් කෝටි නව ලක්ෂ හැත්තෑනව දහස් එකසිය පනස් එකයි ශත හැටක්) මුදලින් තම ප්‍රචාරණ වියදම් ලෙස දැරිය හැකි ය.

එසේම, එම පිළිගත් දේශපාලන පක්ෂය හෝ වෙනත් දේශපාලන පක්ෂය හෝ අපේක්ෂකයකු නාමයෝජනා කළ ඡන්දහිමියා හට එකී මුදලින් 40% ක් හෙවත් රු 747,319,434.40 (රුපියල් හැත්තෑ හතර කෝටි හැත්තෑ තුන් ලක්ෂ දහනව දහස් හාරසිය තිස් හතරයි ශත හතළිහක) මුදලක් අපේක්ෂකයාගේ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් එම පක්ෂයේ ලේකම්ට හෝ ඡන්දහිමියාට වැය කළ හැකි ය.

ඊට අදාළ ගැසට් නිවේදනය පහතින්.
[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/2397-66_S.pdf”]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here