තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්භූගෝල ගුරා පාසල් සිසුවියකට අතවර කරයි

    භූගෝල ගුරා පාසල් සිසුවියකට අතවර කරයි

    මඩවල ප්‍රදේශයේ පිහිටි පාසලක 07 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන 12 හැවිරිදි සිසුවියකට ලිංගිත අතවරයක් සිදුකළ ඉතිහාසය හා භූගෝල විෂයන් උගන්වන ගුරුවරයාත් එම සිදුවීම සැඟවීමට කටයුතු කළ නියෝජ්‍ය විදුහල්පතිවරිය අත්අඩංගුවටගත් මහවෙල පොලීසිය ඔවුන් දෙදෙනාව මාතලේ මහේස්ත්‍රාත් නිල්මිණි කුමුදු රන්කොත්ගේ මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන ( 20 ) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.

    මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම වූයේ මාතලේම පදිංචිකරුවෙක් වන වයස අවුරුදු (52) ක ගුරුවරයකු හා අලුවිහාරයේ පදිංචි අවුරුදු(42) නියෝජ්‍ය විදුහල්පතිවරිය යයි.

    119 පොලිස් හදිසි ඇමතුම් දුරකථන අංකයට ලැබුණු තොරතුරකට අනුව විමර්ශනයක් පවත්වා මාතලේ මහවෙල පොලිසිය මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

    ගුරුවරයා විසින් 12 හැවිරිදි ශිෂ්‍යාව එම විද්‍යාලයේ ගුරු විවේකාරය වෙත කැඳවා ඒ තුළදී ලිංගික අතවරය සිදුකර ඇති බව විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

    එම සිදුවූ සිද්ධිය පිළිබඳව අතවරයට ලක් වූ ශිෂ්‍යාව විසින් ඇගේ පන්තියේ මිතුරියක වෙත පවසා ඇත. එදින විදුහල්පතිවරයා පාසලේ නොසිටි බැවින් මිතුරා සමඟ ඇය පවසා ඇත්තේ නියෝජ්‍ය විදුහල්පතිවරිය හමුවීය.

    නියෝජ්‍ය විදුහල්පතිවරිය විසින් එම සිද්ධිය පිළිබඳව ශිෂ්‍යාවගේ දෙමව්පියන්ට හෝ වෙනත් කිසිවෙකුටත් නොපවසන ලෙසත් එසේ කළහොත් ඇයව පාසලෙන් අස් කරන බවට ප්‍රකාශ කර පාසල තුළදී එවැනි සිදුවීමක් සිදු නොවූ බවට අතවරයට ලක් වූ පාසල් ශිෂ්‍යාවගෙන් ලිපියක්ද බලහත්කාරයෙන් ලියාගෙන ඇති බවත් විමර්ශනයේදී තොරතුරු අනාවරණය වී තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img