Home උණුසුම් පුවත් ලංකා කම්කරු කොංග්‍රසයේ සහයත් රනිල්ට

ලංකා කම්කරු කොංග්‍රසයේ සහයත් රනිල්ට

0
ලංකා කම්කරු කොංග්‍රසයේ සහයත් රනිල්ට

ජනාධිපතිවරණයේදි ලංකා කම්කරු කොංග්‍රසයේ සහාය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීමට එම පක්ෂයේ ජාතික සභාව තීරණය කර තිබේ.

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් අමාත්‍ය ජිවන් තොණ්ඩමාන් මහතා හැටන් කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේදි අද මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව සඳහන් කළේය.

තම පක්ෂයේ ජාතික සභාවේ සමාජිකයන් එක් වී ජනාධිපතිවරණයේදි සහාය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් දිර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව ද ජීවන් තොණ්ඩමාන් මෙම මාධ්‍ය හමුවේදි කියා සිටියේය.

එම සාකච්ඡාවේදි ජාතික සභාවේ සියළුම සමාජිකයන් ඒකමතිකව ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්විමට තිරණය කළ බවද ජිවන් තොණ්ඩමන් මහතා කියා සිටියේය.

ලංකා කම්කරු කොංග්‍රසයේ සහ ජනාධිපති අපෙක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා අතර ගිවිසුමක් අත්සන් කිරිමට නියමිත බවද ජිවන් තොණ්ඩමන් මහතා පැවැසීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here