Home COVID ශ්‍රී ලංකාව ඇතුළු රටවලට කොවිඩ් එන්නත දෙන සැලැස්ම අමෙරිකානු ජනපති කියයි

ශ්‍රී ලංකාව ඇතුළු රටවලට කොවිඩ් එන්නත දෙන සැලැස්ම අමෙරිකානු ජනපති කියයි

ශ්‍රී ලංකාව ඇතුළු රටවලට කොවිඩ් එන්නත දෙන සැලැස්ම අමෙරිකානු ජනපති කියයි

ශ්‍රී ලංකාව ඇතුළුව ජාත්‍යන්තර වශයෙන් කොවිඩ් -19 එන්නත බෙදා ගැනීමේ සැලැස්ම අමෙරිකාව නිවේදනය කර තිබේ.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩෙන් පවසන්නේ නෛතික හා නියාමන අනුමත කිරීම් මත පදනම්ව ගෝලීය වශයෙන් එන්නත් මාත්‍රා මිලියයන 80ක් ලබාදීමට සැලසුම් කර ඇති බවයි.

මෙම එන්නත් වලින් 75% ක් COVAX හරහා බෙදා දීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව COVAX හරහා මිලියන 19 කට ආසන්න එන්නත් ප්‍රමාණයක් බෙදා දෙනු ඇත.

ක්ෂණික අවශ්‍යතා පවතින රටවල් සදහා ඉතිරි 25% බෙදාදීමට නියමිතය.

පළමු එන්නත් මිලියන 25 ක් යැවීම පිළිබද සැලැස්ම ද ජනාධිපතිවරයා නිවේදනය කළේය.

ආසියානු රටවල් සඳහා දළ වශයෙන් මාත්‍රා මිලියන 7 ක් පමණ ඇතුළත් වේ.

ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය, පකිස්ථානය, ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය, මාලදිවයින, මැලේසියාව, පිලිපීනය, වියට්නාමය, ඉන්දුනීසියාව, තායිලන්තය, ලාඕසය, පැපුවා නිව්ගිනියාව, තායිවානය සහ පැසිෆික් දූපත් සඳහා එම මාත්‍රාවන් මිලියන 7 බෙදී යනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here