Home උණුසුම් පුවත් ජනාධිපතිවරණ පැමිණිලි වැඩිවෙයි

ජනාධිපතිවරණ පැමිණිලි වැඩිවෙයි

ජනාධිපතිවරණ පැමිණිලි වැඩිවෙයි

ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 84 ක් ලැබී ඇති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ, රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

ඉන් වැඩි සංඛ්‍යාවක්, රාජ්‍ය බලය හා දේපොළ අවභාවිතය සම්බන්ධයෙන් වන බව හෙතම සඳහන් කළේය.

මේ අතර මැතිවරණ නීති උල්ලංඝණය සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි 44 ක් ලැබී ඇති බව ප්‍රජාතන්ත්‍රිය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා පැවසුවේ ය.

එමෙන්ම මැතිවරණයට අදාළ පැමිණිලි 320 ක් වාර්තා වී ඇතැයි ජාතික මැතිවරණ කොමිසම සඳහන් කරයි.

ඉන් පැමිණිලි 103ක් දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානවලට වාර්තා වී තිබේ.

සෙසු පැමිණිලි 214, ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට වාර්තා වී ඇතැයි සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here