Home දේශීය පුවත් පුහුණුවට ඇවිත් දවස් දෙකයි – ආධුනික සෙබලා මරුට

පුහුණුවට ඇවිත් දවස් දෙකයි – ආධුනික සෙබලා මරුට

0
පුහුණුවට ඇවිත් දවස් දෙකයි – ආධුනික සෙබලා මරුට

පුත්තලම සිංහවිල්ලුවත්තේ පිහිටි යුධ හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලබමින් සිටි ආධුනික හමුදා සෙබලෙක් පුහුණුවට එක්ව දින දෙකක් තුළ මියගොස් ඇත.

කැබතිගොල්ලෑව වාහල්කඩ පදිංචිව සිටි එන්. මධුෂාන් නැමැති 24 වියැති ආධුනික සෙබලා මෙසේ මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

මෙම සෙබලා හමුදාවට එක්ව පුහුණුව සඳහා එක්ව ඇත්තේ පසුගිය 09 වෙනිදාය.

මෙම සෙබලා කඳවුරේ පිහිටි ආපන ශාලාවේ සිට පසුගිය 11 වෙනිදා ඔහු රැදී සිටින බිලට් එකට ගමන්කරමින් සිටියදී ඇද වැටීමකින් මියගොස් ඇති බව පොලීසිය කියයි. ඔහු ඇද වැටුණු ස්ථානයේ ගල්කැබලි තිබී ඇති බව ද පොලීසියට නිරීක්ෂණය වී තිබේ.

මෙම අනතුර සිදුවන අවස්ථාවේදී වැසි සහිත කාලගුණයක් තිබී ඇති බවත් සෙබලා ඒ නිසා දිව යන අතරතුර ඇද වැටී තිබෙන බවත් පොලීසිය කියයි. මෙම මරණය සම්බන්ධයෙන් පුත්තලම රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා නිගමනයකර ඇත්තේ පපුව ප්‍රදේශයට ඇතිවූ තැලීම් තුවාල හේතුවෙන් හෘදයට හානි වී මෙම මරණය සිදුව ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here