Home දේශීය පුවත් උණුසුම් පුවත් මහනුවර ඇසළ පෙරහැරේ තුන්වැනි කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැරේ තුන්වැනි කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැරේ තුන්වැනි කුඹල් පෙරහැර අද

නදීක දයා බණ්ඩාර – මහනුවර

ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යෙය් තෙවන කුඹල් පෙරහැර වීදි සංචාරය කිරීම අද (12) පස්වරුවේ යෙදෙන සුබ මොහොතින් සිදුවේ.

රාත්‍රී 07.22ට යෙදෙන සුබ මොහොතින් ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සිව් මහා දේවාල පෙරහැර සමගින් වීදි සංචාරයට එක්වේ.

එම පෙරහැර දළදා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය, කොළඹ වීදිය, කොටුගොඩැල්ල වීදිය ඔස්සේ ගමන් කොට රජ වීදියෙන් යළ ශ්‍රී දළදා මාලිගාව කරා ගෙවැදීමට නියමිතය.

දෙවන කුඹල් පෙරහැර ඊයේ රාත්‍රී වීදි සංචාරය කළ අතර සාධාතුක පෙරහැර කරඩුව වැඩම කරවන ලද්දේ ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පංතියට අයත් සිංහරාජා ඇතු විසිනි. පුලතිසි රාජා සහ කෝට්ටේ රාජා යන ඇතුන් දෑලේ ගමන් ගත්හ.

දළදා පෙරහැරරේ ඊයේ ගමන් කරන ලද්දේ නාථ දේවාලයේ බස්නායක නිලමේ ඒ.ඩබ්ලියු.එස්.බණ්ඩාරනායක මහතා ය.
තෙවන කුඹල් පෙරහැර නැරඹීම සඳහා මේ වන විටත් සැදැහැවතුන් පෙරහැර මාර්ගය දෙපස එක්රැස්වී සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here