Home උණුසුම් පුවත් අදින් පස්සේ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගන්නේ නෑ

අදින් පස්සේ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගන්නේ නෑ

අදින් පස්සේ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගන්නේ නෑ

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අදින් (09) අවසන් වෙයි.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රී 12ට පෙර තැපැල් ඡන්ද අයදුම්පත්‍ර නියමිත දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට ලැබිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දේ.

මෙතෙක් අයදුම්පත් ඉදිරිපත් කිරීමට නොහැකි වූ සියලු දෙනාට අද දින ඇතුළත ඒවා ඉදිරිපත් කළ හැකිය.

පසුගිය 06 වැනිදා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අවසන් වීමට නියමිතව තිබූ අතර කොමිෂන් සභාව තීරණය කළේ අද දිනය දක්වා එය දීර්ඝ කිරීමට ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here