Home උණුසුම් පුවත් අත්‍යවශ්‍ය සේවාවේ සිටින සංවර්ධන නිලධාරීන්ට එන්නතවත් නෑ

අත්‍යවශ්‍ය සේවාවේ සිටින සංවර්ධන නිලධාරීන්ට එන්නතවත් නෑ

අත්‍යවශ්‍ය සේවාවේ සිටින සංවර්ධන නිලධාරීන්ට එන්නතවත් නෑ

අංජනා මල්ලවආරච්චි

අත්‍යවශ්‍ය සේවාවක නිරත සංවර්ධන නිලධාරීන්ට කිසිදු ආරක්ෂාවක් හෝ පහසුකමක් හෝ තවමත් ලැබී නැතැයි ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානය චෝදනා කරයි.

කොරෝනා වසංගතය හේතුවෙන් සංවර්ධන නිලධාරීන් දෙදෙනකු හා අභ්‍යාස ලාභියෙකු ජීවිතක්ෂයට පත්ව ඇතත් සංවර්ධන නිලධාරීන්ට කොවිඩ් මර්දන එන්නත් ලබා දීමට බලධාරීන් පියවර ගෙන නැතැයි ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානයේ සභාපති ලක්මාල් දිසානායක මහතා පැවසීය.

සංවර්ධන නිලධාරීන්ට ක්ෂේත්‍ර රාජකාරියේ නිරතවීමට මුඛ ආවරණ හෝ අත් සේදුම් ද්‍රව්‍ය තමන් විසින්ම සපයා ගෙන බව ද එවැනි අවම පහසුකමක් හෝ ලබා දීමට බලධාරීන් උනන්දු නොවන බව ද දිසානායක මහතා කීය.

සංවර්ධන නිලධාරීන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීම, මුඛ ආවරණ ඇතුළු අවශ්‍ය පහසුකම් ලබාදීම , අවදානම් දීමනාවක් ගෙවීම, ප්‍රවාහන පහසුකම් ලබාදීම ආදී පහසුකම් ලබා නොදෙන්නේ නම් ඉදිරියේදී වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ගන්නා බව ද ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානය සභාපතිවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here