තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්එළවලු 12ක් රු.500යි - සහන මල්ල ගමින් ගමට

    එළවලු 12ක් රු.500යි – සහන මල්ල ගමින් ගමට

    Covid-19 වසංගත තත්වය හමුවේ රට පුරා පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් ජනතාව වෙත ජංගම රථ යොදාගනිමින් සහන මිලට එළවලු මල්ලක් අලෙවි කිරීමේ වැඩසටහන සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුව විසින් ආරම්භ කර තිබේ.

    මෙහි විශේෂත්වය වනුයේ ආර්ථික මධ්‍යස්ථානවලින් තොග මිළට ලබා ගන්නා එළවලුවලින් එම මිළ ගනන් යටතේම එළවලු 12ක් ඇතුලත් සහන මල්ලක් රු 500/- ක් වැනි මුදලකට මිලදී ගැනීමට හැකිවීමයි.

    මීට අමතරව සුවදැල්, බටපොල, ඇල් හාල් යන දේශීය සහල් වර්ගද රතු කැකුලු, සුදු කැකුලු, නාඩු, සම්බා, කීරි සම්බා සබාස්මතී සහල් වර්ගද මිලදී ගැනීමට අවස්ථාව සලසා ඇත.

    ආරම්භයක් ලෙස වේයන්ගොඩ, දඹුල්ල සහ තඹුත්තේගම පිහිටි විශේෂිත ආර්ථික වෙළඳ මධ්‍යස්ථානවලින් ලබාගන්නා ලද වියළි ආහාර ද්‍රව්‍ය හා එළවළු දෙපාර්තමේන්තුවේ භට පිරිසගේ ශ්‍රම දායකත්වයෙන් සකස් කිරීම සිදු කරයි.

    ඉන්පසු බොරැල්ල,දෙමටගොඩ, බම්බලපිටිය, ගල්කිස්ස, නුගේගොඩ, ජාඇල, ගම්පහ, කඩවත, වත්තල, කිරිබත්ගොඩ සහ මාබෝල ප්‍රදේශවල ජංගම රථ 10 ක් යොදාගෙන අලෙවි කිරීම සිදු කරනු ලබයි.

    පහත සදහන් දුරකතන අංකවලට ඇමතීමෙන්, මෙම ජංගම රථ කොළඹ දිස්ත්‍රික්කයේ ඕනෑම ප්‍රදේශයකට ගෙන්වා ගැනීමට හැකි නමුත් අවම වශයෙන් පවුල් 50 පමණ සිටින ප්‍රදේශවලට පමණක් ජංගම සහන රථ යොමු කරනු ලබයි.

    ► 074 016 5006 -ලුතිනන් කර්නල් රත්නායක
    ► 074 016 5042 – කපිතාන් අබේසිංහ

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව, මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍ය සරත් වීරසේකර උපදෙස් ප්‍රකාරව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මේ. ජෙ. නන්දන සේනාධීර මහතා විසින් මෙම ව්‍යාපෘතිය මෙහෙයවයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img