Home උණුසුම් පුවත් අමෙරිකානු ජනපති සටනට කමලා හැරිස් නිල වශයෙන් නම් කරයි

අමෙරිකානු ජනපති සටනට කමලා හැරිස් නිල වශයෙන් නම් කරයි

0
අමෙරිකානු ජනපති සටනට කමලා හැරිස් නිල වශයෙන් නම් කරයි

ඇමරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපතිනිය වන කමලා හැරිස් එරට ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපෙක්ෂිකාව ලෙස නිල වශයෙන් තහවුරු කර තිබේ.

ඇය ඇමරිකානු ඉතිහාසයේ ජනාධිපති අපෙක්ෂිකාවක් ලෙස තේරී පත් වු පළමු කළු ජාතික කාන්තාව බවටද පත්වීම විශේෂත්වයකි.
ඒ අනුව ඩිමොක්‍රටික් පක්ෂයේ සිය ජනාධිපති අපෙක්ෂකයා තෝරා ගැනීමේ ඡන්දයේදී හැරිස් වැඩි ඡන්දයෙන් තේරී පත්වූ අතර එහිදී ඇයි පක්ෂයේ අපෙක්ෂිකාව වශයෙන් නිලවශයෙන් ප්‍රකාශයටද පත් කෙරිණි.

ඉදිරියේ දී හැරිස් සිය උප ජනාධීපතිවරයා ලෙස පත්වන්නා නම් කිරීමට නියමිත අතර ඒ සඳහා සුදුසුකම් සහිත පක්ෂ සමාජිකයින් කීප දෙනෙකුගේම නම් ඉදිරිපත් වී ඇති බවට ඇමරිකා එක්සත් ජනපද මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

හැරිස් විසින් තමන් කළු ජාතික කාන්තාවක් ලෙස හැඳින්වුවද හැරිස්ගේ මව ඉන්දියානු ජාතික කාන්තාවක් වන අතර පියා ජැමෙයිකානු ජාතික පුද්ගලයෙකු වේ. කෙසේ වෙතත් ඇය මිට පෙර තමන්ගේ ඉන්දියානු සහ ජැමෙයිකානු සම්භවය සම්බන්ධයෙන් සඳහන් කළද අද වන විට ඇය තමන් කළු ජාතික කන්තාවක් බවට හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් තමන් ජනාධිපතිවරණ සටනින් ඉවත් වන බවට නිවේදනය කිරීමෙන් අනතුරුව ඩිමොක්‍රටික් පක්ෂය හැරිස්ව සිය අපෙක්ෂකයා ලෙස නම් කරනු ලැබීය.

බයිඩන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ප්‍රථමයෙන් අපෙක්ෂා කළද ඊට පක්ෂය තුලින්ම පැමිණි විරෝධතාවය හේතුවෙන් ඔහු මෙලෙස තරඟ කිරීමෙන් ඉවත් වීමට පියවර ගනු ලැබිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here