තවත්
    මුල් පිටුවCOVIDඅලුතින් කොවිඩ් මරණ 39 ක් - ඊයේ කිසිදු මරණයක් නැහැ

    අලුතින් කොවිඩ් මරණ 39 ක් – ඊයේ කිසිදු මරණයක් නැහැ

    කොවිඩ් 19 වෛරස ආසාදිත මරණ 39 ක් ඊයේ (02) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කළේය.

    මැයි 17 වෙනිදාා සිට ජුනි 01 දක්වා එම මරණ සිදුවී ඇත. විශේෂත්වයක් වන්නේ ඊයේ (02) දින කිසිදු මරණයක් සිදුව නොතිබීමය.

    මෙම මරණ 39 ක් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1566 ක් දක්වා ඉහළ ගියේ ය.

    ඊයේ තහවුරු කළ මරණ වාර්තා වූ දිනයන් මෙසේ ය..

    මැයි 17 – මරණ 01
    මැයි 22 – මරණ 01
    මැයි 25 – මරණ 02
    මැයි 26 – මරණ 04
    මැයි 27 – මරණ 06
    මැයි 28 – මරණ 03
    මැයි 29 – මරණ 06
    මැයි 30 – මරණ 05
    මැයි 31 – මරණ 07
    ජුනි 01 – මරණ 04

    තහවුරු කළ මෙම මරණ අතරින් 20 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 19 දෙනා කාන්තාවන් ය.

    මොරටුව, මුවන්දෙණිය, මාතලේ, බොරැල්ල, බදුල්ල, යාපනය, වහමල්ගොල්ලෑව, ත්‍රිකුණාමලය, ගම්පොළ, කොත්මලේ, වව්නියාව, කැලණිය, වත්තේගම, බඩල්කුඹුර, ඇල්පිටය, දොම්පේ, කාත්තන්කුඩි 0-2, වැල්ලම්පිටය, වත්තල, හොරණ , බණ්ඩාරගම, මස්කෙළිය, හැටන්, වටවල, නාවලපිටිය, හපුගස්තලාව, කුරුණෑගල, කාත්තන්කුඩි, ගෙලිඔය, බොගවන්තලාව සහ මැදවච්චිය යන ප්‍රදේශවලින් එම මරණ වාර්තා වී තිබේ.

    මෙම මරණ අතරින් නිවසේදී මිය ගොස් ඇත්තේ එක් අයෙක් පමණි. තවත් 4 දෙනෙකු මිය රෝහල්ගත කිරීමට රැගෙන යමින් සිටියදී මියගොස් ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img