ඕමාන් මුහුදු තීරයේදී ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු ඇතුළු කාර්ය මණ්ඩලයේ 16 දෙනෙකු සමඟ ගමන් යාත්‍රා කරමින් තිබූ තෙල් ප්‍රවාහන නෞකාවක් පෙරලීමෙන් අතුරුදන්ව ඇත.
මෙම තෙල් නැව යේමනයේ ඒඩන් වරාය දෙසට ගමන් කරමින් තිබූ අතරදී අදාල නෞකාව තෙල් ඕමානය ආසන්නයේ දී පෙරළී ගොස් තිබේ.
සුල්තාන් රාජ්‍යයේ සමුද්‍රීය ආරක්ෂක මධ්‍යස්ථානයට අනුව, එහි 16 දෙනෙකුගෙන් යුත් අතුරුදහන් වූ කාර්ය මණ්ඩලය සෙවීමේ කටයුතු සිදු වෙමින් පවතී.
ඕමාන ආරක්ෂක අමාත්‍යාංශය විසින් පවත්වාගෙන යනු ලබන මෙම මධ්‍යස්ථානය විසින් නෞකාව පෙරළීමට හේතුව තවමත් සඳහන් කර නොමැත.
අඟහරුවාදා ප්‍රකාශයක් නිකුත් කරමින් සුල්තාන් රාජ්‍යයේ සමුද්‍රීය ආරක්ෂක මධ්‍යස්ථානය සඳහන් කර සිටියේ යාත්‍රාව Prestige Falcon ලෙස හඳුනාගෙන ඇති බවත්, එහි කාර්ය මණ්ඩලය 16 දෙනෙකු සමන්විත ව ඇති බවත් එහිදී ඉන්දියානුවන් 13 ක් සහ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු සිටි බවයි.
Marinetraffic.com අඩවියට අනුව යාත්‍රාව යේමන වරාය නගරයක් වන ඒඩන් දෙසට ගමන් කර ඇත.
මෙම යාත්‍රාව 2007 දී ඉදිකරන ලද මීටර් 117ක් දිග තෙල් නිෂ්පාදන නැවක්. එවැනි කුඩා ටැංකි සාමාන්‍යයෙන් කෙටි මුහුදු ගමන් සඳහා යොදවනු ලැබේ.