තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්එක්ස්ප්‍රස් පර්ල් නැවේ ප්ලාස්ටික් කැට ගසාගෙන යන දිශාව චන්ද්‍රිකා දත්තවලින් තහවුරුයි

    එක්ස්ප්‍රස් පර්ල් නැවේ ප්ලාස්ටික් කැට ගසාගෙන යන දිශාව චන්ද්‍රිකා දත්තවලින් තහවුරුයි

    එක්ස්ප්‍රස් පර්ල් ගිනිගත් නෞකාවෙන් මුුහුදට එකතු වූ ටොන් ගණනින් වන කුඩා ප්ලාස්ටික් කැට ඉදිරි දිනවලදී දකුණු වෙරළ ආශ්‍රිත මුහුදට ගසාගෙන යනු ඇති බවට සමුද්‍ර විශේෂඥයෝ පළ කළ අනාවැකි චන්ද්‍රිකා සේයාරූ විශ්ලේෂණයේදී තහවුරු වී තිබේ.

    එම ප්ලාස්ටික් කැට ඉදිරි දිනවලදී දකුණු වෙරළ දිගේ නැගෙනහිර දෙසට ගමන් කරනු ඇතැයි රට වටා මුහුදේ පැතිර යා හැකි ආකාරය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ බටහිර විශ්වවිද්‍යාලයේ සමුද්‍ර අධ්‍යයන ආයතනයේ මහාචාර්ය චරිත පට්ටියආරච්චි සහ ආචාර්ය සරත් විජරත්න යන අය විසින් අංශු ආකෘතියක් නිර්මාණය කොට අනාවැකි පළකර තිබුණි.

    ඒ අනුව අද (2) සෙන්ටිනල් -3 චන්ද්‍රිකාවෙන් ලබාගත් ශ්‍රී ලංකාව අවට පෘෂ්ඨයේ හරිතප‍්‍රද සාන්ද්‍රණයේ ඡායාරූපය ඔස්සේ එම අනාවැකි නිරවද්‍ය බවට තහවුරු වී තිබේ.

    ගිනිගත් නෞකාවෙන් ප්ලාස්ටික් කැට බිලියන 3ක් පමණ මුහුදට මුදාහැර ඇති බව ඔවුහු පවසති.

    මහාචාර්ය චරිත පට්ටිආරච්චි පවසන්නේ එම චන්ද්‍රිකා දත්ත විශ්ලේෂණය කර බැලීමේදී ශ්‍රී ලංකාව වටා මුහුදේ හරිතප‍්‍රද බෙදාහැරීම් සේයාරුව පවතින ආකාරය සිය ආකෘති ප‍්‍රතිඵලවල අනාවැකි සමඟ එකඟ වන බවයි.

    මෙම නෞකාවෙන් මෙරට සාගරයට සිදුවූ දිගුකාලීන විනාශය මෙරට ඉතිහාසයේ මෙරට මුහුදු කලාපයට සිදුවූ බරපතළම ව්‍යසනය බවට හැදින්වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img