තවත්
    මුල් පිටුවදේශීය පුවත්මරණ ලැයිස්තු ආවත් පාතාලය මර්දනය කරනවා

    මරණ ලැයිස්තු ආවත් පාතාලය මර්දනය කරනවා

    පාතාල මර්දන ක්‍රියාවලියේ නිරතව සිටින පොලිස් නිලධාරීන් ඝාතනය කරන බවට තොරතුරු පතුරවමින්, තර්ජනය කරමින් නම් ලැයිස්තු සමාජ මාධ්‍ය වෙත මුදා හරිමින් බියගැන්වීම සඳහා උත්සාහ ගත්ත ද, පාතාලයට විරුද්ධව ඉදිරියට තබපු පියවර පසුපසට ගැනීමට පොලිසිය සුදානම් නොමැති බව පොලිස්පති දේශපන්දු තෙන්නකෝන් මහතා පවසයි.

    යුද සමයේ ත්‍රස්තවාදී තර්ජන සඳහා නොබියව මුහුණ දී තම ජීවිතය පරිත්‍යාග කළා සේම වර්ථමානයේ කුඩු සහ පාතාලය තුරන් කිරීම සඳහා තම ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ හැකි පොලිස් නිලධාරීන් දහස් ගාණක් පොලිසිය සතුව සිටින බව හෙතම කියා සිටියේය.

    පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ ඉදිකළ නව දහන උඳුන මඟින් කොකේන් කිලෝග්‍රෑම් 355 ග්‍රෑම් 881 ක් දවා විනාශ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් පසුගිය 11 වැනිදා හෙතම මේ බව සඳහන් කළේය.

    විධිමත් සැලැසුමකට අනුව මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීම සහ පාතාලය මර්දනය කිරීම සිදු කරන විට , පාතාලයට සම්බන්ධ සැකකරුවන් 900කට ආසන්න පිරිසකගෙන් 800 ට අධික පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    “යුක්තියේ මෙහෙයුමේ දෙවන අදියර” මඟින් නීති විරෝධි ගිනි අවි අත්අඩංගුවට ගැනීම සඳහා වැඩි අවදානයක් යොමු කරනවා. දෙසැම්බර් මාසේ සිට මේ දක්වා කාලය තුළ ගිනි අවි 296 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පාතාලය ලෙසින් පෙනි සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම යනු එකම කාසියක දෙපැත්තක්. මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයන අතිවිශාල ධනස්කන්ධය මඟින් මෙම අපරාධකරුවන් පෝෂණය වන බැවින් අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ජනතා සහාය අවශ්‍යව තිබෙනවා යැයි පැවසීය.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img