තවත්
    මුල් පිටුවවිදේශීය පුවත්“Washington නායක සමුළු ප්‍රකාශනය”ට‍ චීන විරෝධය

    “Washington නායක සමුළු ප්‍රකාශනය”ට‍ චීන විරෝධය

    “Washington නායක සමුළුවේ ප්‍රකාශනය” චීනය පිළිබඳ අපහාසවලින් හා පක්ෂග්‍රාහීත්වයෙන් පිරී ඇති බවත්, ඊට දැඩි අප්‍රසාදය හා විරෝධය පළ කරන බවත් චීනය කියාසිටී. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා මේ බව කියාසිටියේ, ඊයේ (11) පැවති නිත්‍ය මාධ්‍ය හමුවට එක්වෙමිනි.

    නේටෝ සංවිධානය ඊයේ (10) “Washington නායක සමුළුවේ ප්‍රකාශනය” නිකුත් කළේය. යුක්රේන සටනේ දී රුසියාවට පක්ෂපාතී තීරණාත්මක පාර්ශ්වය වන්නේ චීනය බව එහි සඳහන් ව ඇත. එමගින් අසල්වැසි රටවල් හා යුරෝ-අත්ලාන්තික් කලාපයේ ආරක්ෂාවට රුසියාවෙන් එල්ල වන තර්ජනය උග්‍ර වන බවට ද එම ප්‍රකාශයෙන් චෝදනා එල්ල කර තිබේ.

    නේටෝ සංවිධානය ප්‍රචාරය කරන මෙම අදහස සත්‍යයෙන් තොර කුමන්ත්‍රණකාරී වූවක් බව ලින් ජියන් මහතා පැවසීය. යුක්රේන ප්‍රශ්නය පිළිබඳව චීනය දරන යුක්තිසහගත ස්ථාවරය හා එය විසඳීම සඳහා ලබාදුන් දායකත්වය ජගත් ප්‍රජාවේ පොදු පිළිගැනීමට ලක්ව තිබේ. එසේම, යුක්රේන අර්බුදය උග්‍ර කරන පාර්ශ්ව පිළිබඳව ජගත් ප්‍රජාවට පැහැදිලි අවබෝධයක් ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img