Home උණුසුම් පුවත් රුසියානු-යුක්රේන ගැටුමේ පාර්ශ්ව වැඩකළ යුතු විදිය චීනය මතක් කරයි

රුසියානු-යුක්රේන ගැටුමේ පාර්ශ්ව වැඩකළ යුතු විදිය චීනය මතක් කරයි

රුසියානු-යුක්රේන ගැටුමේ පාර්ශ්ව වැඩකළ යුතු විදිය චීනය මතක් කරයි

 
සංහිඳියා ආකල්පයකින් යුතුව ක්‍රියා කරන්නැයි රුසියානු-යුක්රේන ගැටුමට අදාළ පාර්ශ්වයන්ගෙන් චීනය යළිත් ඉල්ලා සිටී.
 
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නියෝජ්‍ය නිත්‍ය නියෝජිත ගෙං ෂුවැං මහතා ඊයේ (9) ආරක්ෂක මණ්ඩලයේ පැවති යුක්රේන ප්‍රශ්නය පිළිබඳ සමුළුවේ දී මේ බව ප්‍රකාශ කළේය. ජාත්‍යන්තර මානව හිමිකම් නීති අනුගමනය කරමින්, සිවිල් ජනතාව හා යටිතල පහසුකම් ඉලක්ක කරගත් ප්‍රහාර වහාම නවතා දමන ලෙස ද හෙතෙම අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේය. 
 
කඩිනමින් සාම සාකච්ඡා ආරම්භ කළ යුතු බව ද හෙතෙම එහිදී පැවසීය. එමෙන්ම නිසි එකඟතා ඔස්සේ යුදමය තත්ත්වය වහාම අවසන් කිරීම සඳහා සක්‍රිය කාර්යභාරයක් ඉටු කරන ලෙස ද චීනය ජගත් ප්‍රජාවෙන් ඉල්ලා සිටී.
 
සාම සාකච්ඡා ආරම්භ කිරීමටත්, යුක්රේන ප්‍රශ්නය දේශපාලන ක්‍රම ඔස්සේ විසඳා ගැනීම සඳහාත් චීනය අඛණ්ඩ උත්සාහ දරන බව ද ගෙං ෂුවැං මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here