Home උණුසුම් පුවත් 10 වැනි Nishan ලෝක ශිෂ්ටාචාර සංසදය ඇරඹේ

10 වැනි Nishan ලෝක ශිෂ්ටාචාර සංසදය ඇරඹේ

10 වැනි Nishan ලෝක ශිෂ්ටාචාර සංසදය ඇරඹේ

 
10 වැනි Nishan ලෝක ශිෂ්ටාචාර සංසදය චීනයේ දී ඇරඹේ. එරට චුෆු නගරයේ දී අද (10) එම සංසදය ආරම්භ විය. රටවල් 63 කින් ආරාධිතයෝ 400 කට ආසන්න පිරිසක් ඊට සහභාගි වී  සිටිති.
 
මෙවර සංසදයේ තේමාව වන්නේ ‘සාම්ප්‍රදායික සංස්කෘතිය සහ නවීන ශිෂ්ටාචාරය’  යන්නයි. ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම ක්‍රියාත්මක කිරීම, මානව වර්ගයාගේ පොදු වටිනාකම් ප්‍රවර්ධනය සහ වඩා යහපත් අනාගතයක් උදෙසා එක්සත්ව වැඩකිරීම එහි ප්‍රමුඛ අරමුණු අතර වේ.
 
දේශන, උසස් ම‍ට්ටමේ සංවාද, චීන-ඉතාලි සම්භාව්‍ය ශිෂ්ටාචාර සංවාදය, Nishan කොන්ෆියුසියස් ධර්ම සංවාද, ක්‍රීඩා සංස්කෘතික සංසදය, සාම්ප්‍රදායික චීන වෛද්‍ය සංස්කෘතික සංසදය සහ පවුල් සංස්කෘතික සම්මන්ත්‍රණ යන විවිධ ක්‍රියාකාරකම් 20 කට අධික සංඛ්‍යාවක් මෙවර සංසදයට සමගාමීව පැවැත්වෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here