Home දේශීය පුවත් උණුසුම් පුවත් ගිනිගත් නෞකාව ගැඹුරු මුහුදට

ගිනිගත් නෞකාව ගැඹුරු මුහුදට

0
ගිනිගත් නෞකාව ගැඹුරු මුහුදට

කොළඹ වරායට ආසන්න මුහුදේ ගිනි ගැනීමට ලක්වූ නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යාමේ මෙහෙයුම අද (02) අළුයම සිට ආරම්භ වී තිබේ.

නාවික හමුදාවේද මැදිහත් වීමෙන් අලුයම 4.00 ට මෙහෙයුම දියත් වී ඇති අතර නෞකාවේ නැංගුරම ඉවත්කර උදෑසන 9.00 වන විට ඇදගෙන යාමේ කටයුත්ත ආරම්භ කර ඇත.

නෞකාවේ පසුපස බද කොටසේ ජලය පිරී ඇති බැවින් නෞකාව මුහුදු බත්වීමේ අවධානමක් ඇතැයි විශේෂඥයන් විසින් පෙන්වා දීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාා විසින් නෞකාව වහාම ගැඹුරු මුහුදට රැගෙන යන ලෙස ඊයේ නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here