තවත්
    මුල් පිටුවCOVIDඅදත් කොවිඩ් මරණ 42ක් - ආසාදිතයින් 2800ක්

    අදත් කොවිඩ් මරණ 42ක් – ආසාදිතයින් 2800ක්

    මෙරට තුළ සිදුවු සමස්ත කෙරෝනා මරණ ගණන අද 1527 දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ අද (01) දිනය තුළ කොවිඩ් රෝගීන් 42 ක් මියගිය බවට තහවුරු වීමත් සමගය.

    රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඉන් 7 දෙනකු නිවෙස් තුළ සිටියදී මිය‍ගොස් ඇති බවයි.

    අද (01) දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,845ක් වේ.

    ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 189,209ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    මේ අතර අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,631ක් සුවය ලබා පිටව යෑමත් සමග සුවය ලැබු සමස්තය 156,371ක් ලෙස වාර්තා විය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img