Home උණුසුම් පුවත් වැටලීමකට ගිය පොලිස් කොස්තාපල්ව දෙපා සතෙක් හපාකාලා

වැටලීමකට ගිය පොලිස් කොස්තාපල්ව දෙපා සතෙක් හපාකාලා

වැටලීමකට ගිය පොලිස් කොස්තාපල්ව දෙපා සතෙක් හපාකාලා

කසිප්පු වැටලීමකට ගිය පොලිස් කණ්ඩායමකට බාධා කළ බීමත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට යාමේදී එම පුද්ගලයාගේ සපාකෑම්වලින් තුවාල ලැබූ කනංකේ පොලීසියේ නිලධාරියෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබා ඇත.

මෙම සිදුවීම වීී ඇත්තේ ඊයේ (06) පෙරවරුවේදී කනංකේ පොලිස් වසමේ නාවල ගල්ලල කඩවීදිය ප්‍රදේශයේදීය.

උප පොලිස් පරීීක්ෂකවරයෙක් ඇතුළු පොලිස් කණ්ඩායමක් අදාල නිවස පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී ඔහුගේ සහෝදරයා වන 37 හැවිරිදි පුද්ගලයෙක් බීමතින් පිහියක්ද අතින් ගෙන නිවස පරක්ෂාකිරීමට ඉඩ දිය නොහැකි බව සඳහන්කරමින් කළහාකාරී ලෙස හැසිරී ඇතැයි පොලීසිය කියයි.

එම අවස්ථාවේදී බීමතින් සිටි එම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට පොලීසිය සූදානම්වන අවස්ථාවේදී සැකකරු පොලිස් කොස්තාපල කුමාර නැමැති නිලධාරියාව සපාකා ඇතැයි පොලීසිය කියයි. මෙම නිලධාරියාගේ දකුණු උරහිස ප්‍රදේශය මෙහිදී තුවාල ලබා ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මේ සම්බන්ධයෙන් එම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව පොලිස් ස්ථානයට රැගෙන යාමේදී එය වැලැක්වීමට සැකකරුගේ බිරිඳ සහ මව දැඩි උත්සහයකද නිරතවූ බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here