Home උණුසුම් පුවත් රේගුව අද-හෙට ලෙඩ වෙයි

රේගුව අද-හෙට ලෙඩ වෙයි

රේගුව අද-හෙට ලෙඩ වෙයි

රේගු දෙපාර්තමේන්තු නිලධාරීන් අද(04) සහ හෙට ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹ තිබේ.

රේගු වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ ප්‍රධාන ඉල්ලීම් දෙකක් මුල් කරගනිමින් මෙය ක්‍රියාත්මක වුවත් මෙම වෘත්තීය සමිති විරෝධතා ක්‍රියාමාර්ගය මහජනතාවට ඍජුව සේවා සපයන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, කොළඹ වරාය, ගාල්ල වරාය වැනි ආයතන තුළ ක්‍රියාත්මක නොකරන බවයි.

ශ්‍රී ලංකා රේගුවෙන් විශේෂඥ අදහස් නොවිමසා, මුදල් අමාත්‍යාංශයේ අදූරදර්ශී නිලධාරීන් කීප දෙනෙකුගේ මූලිකත්වයෙන් රේගු ආඥා පනතේ වගන්ති කීපයක් සංශෝධන කිරීමට රජය පියවර ගනිමින් සිටීම මෙම රේගු නිලධාරීන්ගේ විරෝධයට එක් හේතුවකි.

රේගු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව මගින් මෙතෙක් සිදු කර ගෙන යමින් සිටින ශ්‍රී ලංකාවේ බදු එකතු කිරීමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකා ආදායම් අධිකාරිය නැමැති පෞද්ගලික ආයතනයකට පැවරීමේ රජයේ උත්සාහයට ඔවුන් මෙමගින් විරෝධය පළකර සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here