තවත්
    මුල් පිටුවspecialකැනඩා හමුදා ඉතිහාසය වෙනස් කරමින් කාන්තා හමුදා ප්‍රධානියෙක්

    කැනඩා හමුදා ඉතිහාසය වෙනස් කරමින් කාන්තා හමුදා ප්‍රධානියෙක්

    කැනඩා හමුදා ඉතිහාසයෙහ් පළමු වරට ප්‍රධාන අණදෙන නිලධාරී තනතුරට කාන්තාවක් පත් කර තිබේ.

    ඒ අනුව කැනඩා අග්‍රාමත්‍ය ජස්ටින් ටෘඩෝ විසින් ලුතිනන් ජෙනරාල් ජෙනී කැරින්ග්යන් එරට නව සන්නද්ධ හමුදා ප්‍රධානියා ලෙස පත් කර ඇත.

    මෙම පත්වීම කැනඩා අග්‍රමාත්‍යවරයා විසින් එරට ඉහළ තනතුරු වලට කාත්නාවන් පත්කිරීමේ නවතම පත්කිරීමයි.
    ඒ අනුව වසර 40ක සේවා කාලයෙන් පසු විශ්‍රාම යන ජ්‍යෙෂ්ඨතම හමුදා නිලධාරියෙකු වන ජෙනරල් වේන් අයර් වෙනුවට ලුතිනන් ජෙනරාල් කැරින්ග්යන් පත් වනු ඇත.

    මෙම පත්වීමෙන් පසුව, ලුතිනන් ජෙනරාල් කැරින්ග්යන් ජෙනරාල් නිලයට උසස් කරනු ඇති අතර එම උත්සවය ජූලි 18 වැනිදා කැනේඩියානු යුද කෞතුකාගාරයේදී පැවැත්වීමට නියමිතය.

    ආරක්ෂක හමුදාවල ඉංජිනේරුවරියක ලෙස හමුදා දිවිය ආරම්භ කළ වූ ලුතිනන් ජෙනරාල් කැරින්ග්යන් මේවන විට තරු තුනේ ජෙනරාල්වරියක ලෙස කටයුතු කරනු ලබයි. 2008 දී, ඇය කැනේඩියානු හමුදාවන සඳහා ඇෆ්ගනිස්ථානය, බොස්නියා-හර්සගොවිනා, ඉරාකය සහ සිරියාවේදී අණදීම කර ඇති අතර කැනඩා ආරක්ෂක ඉතිහාසයේදී ප්‍රහාකර බලගනයකට අණ දුන් පළමු කැනේඩියානු හමුදා නිලධාරිණිය වන්නේදය ඇයයි.

    අග්‍රාමාත්‍ය ටෘඩෝ ප්‍රකාශ කළේ ලුතිනන් ජෙනරල් කැරින්ග්යන් වෘත්තීය ජීවිතය පුරාවටම ඇය සුවිශේෂී නායකත්ව ගුණාංග සහ සේවය සඳහා උපරිම කැපවීම පෙන්නුම් කර ඇති බවත්, ඇය කැනඩාවේ සන්නද්ධ හමුදාවන්ට දැවැන්ත සම්පතක් බවට පත් කර ඇති බවයි.

    කෙසේ වෙතත්, ලුතිනන් ජෙනරාල් කැරින්ග්යන්ගේ පත්වීම අභියෝගාත්මක අවස්ථාවක සිදුවීමද සුවිශේෂීය. ඒ අනුව මේවන විට කැනඩාව එහි ආරක්ෂක වියදම් වැඩි කිරීමට මිත්‍ර පාක්ෂිකයින්ගේ පීඩනයට ලක්ව ඇති අතර එහි සන්නද්ධ හමුදා සඳහා නව තරුණ තරුණියන් බඳවා ගැනීමේ ඉලක්ක සපුරාලීමට සහ යල් පැන ගිය උපකරණ ප්‍රතිස්ථාපනය කිරීම කැනඩා ආරක්ෂක අංශ මුහුණ දෙන විශාලතම අභියෝගය වී ඇත

    ඇයගේ නව පත්වීමත් සමඟ ලුතිනන් ජෙනරාල් කැරිග්නන් තරු හතරේ ජෙනරාල්වරියක් බවට පත්වනු ඇත්තේ මෙම නිලයට නැගී සිටින කාන්තාවන් කිහිප දෙනෙකුගෙන් එක් තැනැත්තියක් බවට ලෝක ඉතිහාසයට එක්වෙමිනි. හමුදා ඉතිහාසයේ තරු හතරේ ජෙනරාල්වරුන් බවට පත්ව ඇත්තේ කාන්තාවන් අතළොස්සකි. මෙම නිලය ලබා ගත් පළමු කාන්තාව වන්නේ 2008 දී තරු හතරේ ජෙනරාල්වරියක් වූ ඇමරිකා එක්සත් ජනපද හමුදාවේ ජෙනරාල් ඈන් ඊ ඩන්වුඩි ය.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img