තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සම්බන්ධන්ගේ දේහය හෙට පාර්ලිමේන්තුවට

    සම්බන්ධන්ගේ දේහය හෙට පාර්ලිමේන්තුවට

    අභාවප්‍රාප්ත, හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතාගේ දේහය අවසන් ගෞරව සඳහා හෙට (03) පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිතව තිබේ.

    ඒ අනුව සම්බන්ධන් මහතාගේ දේහය පාර්ලිමේන්තු සංකීර්ණයේ ඉදිරිපස ආලින්දයේ බදාදා (03) පස්වරු 2.00 සිට 4.00 දක්වා තැන්පත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු කාරක සභාව තීරණය කර තිබේ.

    අභාවප්‍රාප්ත ආර් සම්බන්ධන් මහතාගේ අවසන් කටයුතු ත්‍රිකුණාමලයේදී පැවැත්වීමට නියමිත අතර ඊට අදාළ පහසුකම් සැපයීමේ කටයුතු සඳහා සියලු උපදෙස්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, අදාළ නිලධාරීන් වෙත ලබා දී ඇත.

    පාර්ලිමේන්තුව අද (02) රැස් වී ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශයක් කරන අතර, පාර්ලිමේන්තුව හෙට (03) රැස් නොවන අතර අභාවප්‍රාප්ත සම්බන්ධන් මහතාට එහිදී අවසන් ගෞරව පිරිනමනු ඇත.

    සම්බ්න්ධන් මහතා මියයන විට 91 වැනි වියේ පසුවූ අතර මියයනවිට හෙතම වයස්ගතම දේශපාලනඥයා ද විය. මේ අතර සම්බන්ධන් මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වන මන්ත්‍රී ධුරය සඳහා කදිරවේලු සම්මුගන් කුහදාසන් මහතා පත්වීමට නියමිතව ඇත.

    ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් පසුගිය මහා මැතිවරණයට දෙමළ ජාතික සන්ධානයෙන් තරග කළ කුහදාසන් මහතා එහි පරාජිත ලැයිස්තු වේ පළමු වැනියාව සිටියේ ය.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img