තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පියුම් සී.අයි.ඩී. ඇවිත් යයි

    පියුම් සී.අයි.ඩී. ඇවිත් යයි

    වත්කම් විමර්ශනයකට අදාලව ප්‍රකාශයක් ලබාදීමට පැමිණි ජනප්‍රිය නිරූපිකාවක් වන පියුමි හංසමාලිගෙන් නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාශය විසින් අද ප්‍රකාශ ලබා නොගෙන හරවා යවා ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

    ඇයට අයත් බව කියන ව්‍යාපාරික ආයතනයක ආලේපන වර්ගයක් බෙදා හරින කූරියර් ආයතනයේ ප්‍රධානීන්ට නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාශය හමුවේ ප්‍රකාශයක් ලබාදෙන්නැයි අධිකරණය විසින් නියෝගයක් ලබාදී තිබුණි. ඒ අනුව අදාල කූරියර් සමාගමෙන් නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාශය ප්‍රකාශයක් ලබාගැනීමට උත්සහා ගෙන ඇතත් එම ප්‍රකාශය ඔවුන් ලබා නොදී අද දිනයේ පැමිණෙන බව දැනුම් දී ඇත.

    ඒ අනුව පියුම් හංසමාලි ඇතුළු පිරිසක් නීතීඥවරයෙකුද සමඟ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිට ඇත. එම අංශයේ උසස් නිලධාරියෙක් සඳහන්කරනු ලැබුවේ අද දිනයේ ඔවුන් පැමිණියත් මෙදින ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමක් නොකල බවය. ඊට හේතු ලෙස එම නිලධාරියා පවසන ලද්දේ අද දවසේ ප්‍රශ්න කිරීමට සූදානම් බව නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාශය ඔවුන්ට දැනුම් දී නොතිබුණු බවය.

    ඒ අනුව පියුමි හංසමාලි ඇතුළු නිලධාරීන් උසස් පොලිස් නිලධාරියෙක් හමුවට යොමුකිරීමට පියවර ගෙන තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img