තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නීතිපති ධූරයේ පාරින්ද අද සිට වැඩ බැලේ

    නීතිපති ධූරයේ පාරින්ද අද සිට වැඩ බැලේ

    නව වැඩ බලන නීතිපතිවරයා ලෙස ජෙයෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතීඥ පාරින්ද රණසිංහ (කණිෂ්ඨ) මහතා අද(01) දිව්රුම් දීමට නියමිතය.

    නීතිපතිවරයා ලෙස කටයුතු කළ සංජේ රාජරත්නම් මහතා විශ්‍රාම යාමෙන් පසු පුරප්පාඩු වූ නීතිපති ධූරයේ කටයුතු කිරීම සඳහා ඉකුත් 28වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාරින්ද රණසිංහ මහතා පත් කරන ලදි.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 61E(b) සහ 41(c) යන ව්‍යවස්ථා වලින් පවරා ඇති බලතල අනුව මෙම පත් කිරීම කර තිබේ .

    එම පත්වීම ජුනි මස 28වැනිදා සිට ජූලි මස 11වැනිදා තෙක් බල පවත්වන පරිදි සිදු කර ඇත.

    නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ නීතීඥවරයකු ලෙස සේවයට එක් වූ ඒ මහතා රජයේ ජෙයෂ්ඨ නීතීඥ,නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්,අතිරේක සොලිසිටර් ජනරාල් සහ ජෙයෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා ලෙස විවධ තනතුරු දරමින් වසර තිස් එකක් නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කළ ජෙයෂ්ඨ නිලධාරියෙකි.

    ජාත්‍යන්තර සමුද්‍ර නීතිය ඇතුළු නීති කේෂත්‍ර කිහිපයක නීති ශාස්ත්‍රපති උපාධිය ලබා ගෙන ඇති ඒ මහතා මෝල්ටාව සහ සිංගප්පූරුවේ වැඩි දුර නීති අධ්‍යාපනය ලබා ගෙන ඇත.

    ඒ මහතා ශ්‍රී ලංකාවේ 38 වන අගවිනිසුරුවරයා වන පාරින්ද රණසිංහ මහතා ගේ පුත්‍රයා ද වෙයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img