තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්2024 කෝඩ්‍රෑන්ගල් ගොල්ෆ් කුසලානය රෝයල් කලම්බු ගෝල්ෆ් ක්‍රීඩා සමාජයට

    2024 කෝඩ්‍රෑන්ගල් ගොල්ෆ් කුසලානය රෝයල් කලම්බු ගෝල්ෆ් ක්‍රීඩා සමාජයට

    2024 කෝඩ්‍රෑන්ගල් කුසලාන කාන්තා සහ පිරිමි අන්තර් සමාජ ගොල්ෆ් තරඟාවලියේ සමස්ථ ශූරතාව දිනා ගැනීමට රෝයල් කලම්බු ගෝල්ෆ් ක්‍රීඩා සමාජය සමත් වී තිබේ.

    ශ්‍රී ලංකා ගුවන් හමුදා ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් සංවිධාන ශක්තියෙන් ‘DIMO’ සමාගමේ අනුග්‍රහකත්වය සහ නිල බැංකු සහකරු ලෙස ලංකා බැංකුව කටයුතු කරමින් මෙම තරගාවිලය සංවිධාන කරනු ලැබුවේ තෙවන වරටයි.

    ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා කුසලාන ප්‍රධානෝත්සවය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනී රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් චීනවරාය ඊගල්ස් ගෝල්ෆ් ලින්ක්හිදී පැවැත්විණි.

    මෙම තරඟය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ ගෝල්ෆ් ක්‍රීඩා සමාජ 4ක් වන ගුවන් හමුදා ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් ක්‍රීඩා සමාජය, රෝයල් කලම්බු ගෝල්ෆ් ක්‍රීඩා සමාජය, වික්ටෝරියා ගෝල්ෆ් ක්‍රීඩා සමාජය හා නුවර එළිය ගෝල්ෆ් ක්‍රීඩා සමාජය යන ක්‍රීඩා සමාජ සහභාගී වු විය.

    එහිදි සමස්ථ ශූරතාව දිනා ගැනීමට රෝයල් කලම්බු ගෝල්ෆ් ක්‍රීඩා සමාජය සමත් වූයේ ප්‍රසාද ලකුණු 308 ලබාගනිමිනි.

    මෙම තරගාවලියේ දක්ෂතම ළගම පහරට හිමි කුසලානය (පිරිමි) ගුවන් හමුදා ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් ක්‍රිඩා සමාජයේ ගෘෘප් කැප්ටන් ක්‍රිශාන්ත ප්‍රනාන්දූ විසින්ද, දක්ෂතම දුරම පහරට හිමි කුසලානය (පිරිමි) ගුවන් හමුදා ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් ක්‍රිඩා සමාජයේ එයාර් වයිස් මාර්ෂල් සම්පත් වික්‍රමරත්න විසින් ද හිමිකරගත්තේය.

    දක්ෂතම ළගම පහරට සහ දුරම පහරට හිමි කුසලාන දෙකම (කාන්තා) රෝයල් කලම්බු ගෝල්ෆ් ක්‍රීඩා සමාජයේ සදූනී වනසිංහ ක්‍රීඩිකාව විසින් දිනාගත් අතර තරගාවලියේ හොදම ලකුණු ලබාගත් ක්‍රිඩකයාට හිමි සම්මාන ලෙස වික්ටෝරියා ගෝල්ෆ් ක්‍රිඩා සමාජයේ අස්ලාම් මහතාද දිනා ගන්නා ලදි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img