තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්මධ්‍යම පළාත් නව ආඥාපතිවරයා මහනාහිමි -අනුනාහිමිවරුන්ගේ ආශිර්වාද ලබාගනියි

    මධ්‍යම පළාත් නව ආඥාපතිවරයා මහනාහිමි -අනුනාහිමිවරුන්ගේ ආශිර්වාද ලබාගනියි

    මධ්‍යම පළාත් ආඥාපති ලෙස වැඩ භාරගත් මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා සිය ධූරයේ රාජකාරි ආරම්භ කිරීමෙන් අනතුරුව ඊයේ (29) ශ්‍රී දළදා මාළිගාවට පැමිණ ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදාගෙන ආශීර්වාද ලබා ගත්තේය .

    මේජර් ජෙනරාල්වරයා පිළිගනු ලැබුවේ දියවඩන නිළමේ නිළංග දෑල මහතා විසිනි.

    අනතුරුව ඒ මහතා අස්ගිරි මල්වතු මහා නාහිමිවරු සහ අනු නාහිමිවරු බැහැදැක උන්වන්සේලාගේ ආශීර්වාද ලබාගත්තේය.

    මධ්‍යම පළාතේ ජනතාවගේ එදිනෙදා ජීවිත සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම ආගමික හා ජාතික සංහිඳියාව පවත්වා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව කැපවීමෙන් කටයුතු කරන බවද එම කටයුතු සාර්ථක කරගැනීමට නිරතුරුව මඟපෙන්වමින් අවවාද අනුශාසනා ලබාදෙන මහා නාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයේ මග පෙන්වීම විශාල ශක්තියක් බවද මේජර් ජෙනරාල් ලසන්ත රුද්‍රිගු මහතා මහා නාහිමිවරුන් හමුවේ පැවැසීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img