Home උණුසුම් පුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ක්‍රිස් සිල්වර්වුඩ් ඉල්ලා අස්වී තිබේ.

සිය ඉල්ලා අස්වීමේ ලිපිය මගින් ඔහු දන්වා ඇත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් පුුහුණුකරුවකු ලෙස දීර්ඝ කාලයක් කටයුතු කිරීමෙන් තමා සිය පවුලෙන් ඈත්ව සිටි කාලය දැන් අවසන් කළ යුතු බවට තමා තීරණය කළ බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ලෙස කටයුතු කළ කාලයේදී සහය වූ සැමදෙනාට තුති පුදමින් එම කාලය තමන්ට බොහෝ සුන්දර මතක ඉතිරි කළ බව ද ඔහු පවසා ඇත.

ඔහුගේ ධුර කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2022 විස්සයි20 ආසියානු කුසලාන තරගාවලියේ ශූරතාව ජයග්‍රහණය කළ අතර, 2023 පන්දුවාර-50 ආසියානු කුසලාන තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලැබීය. ඊට අමතරව තවත් ජාතික හා ජාත්‍යන්තර ද්වීපාර්ශ්වික තරග ජයග්‍රහණ රැසක් ද වාර්තා කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.

කෙසේවෙතත් ඔහුගේ මෙම ඉල්ලා අස්වීම සිදුවන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගියදා පැවති ICC විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි 8 වටයට හෝ සුදුසුකම් ලැබීමට නොහැකි වූ පසුබිමකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here